”අපේ නැවෙන් කිසිදු රටක ආරක්ෂාවට තර්ජනයක් නෑ” – චීන විදේශ කටයුතු අමාත්‍යාංශය

Yuan Wang – 5 චීන පර්යේෂණ නෞකාවෙන් කිසිදු රටක ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව චීනය පවසනවා. චීනය කියන්නේ ඊට තුන්වැනි පාර්ශ්වයකින් බාධා නොකළ යුතු බවයි.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක, විදේශ අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජික Wang Wenbin මේ බව පවසනවා.

Yuan Wang 5 නෞකාව හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය අධ්‍යක්ෂ Wang Wenbin කියන්නේ “චීනය සහ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික අසල්වැසි මිතුරන්. රටවල් දෙකම අවබෝධාත්මකව දෙපාර්ශ්වයටම ප්‍රතිඵලදායක විවිධ ක්ෂේත්‍රයන්හි මිත්‍රත්ව සහයෝගීතාවයක් උදෙසා කැපවී සිටිනවා. ඒ වගේම වසර ගණනාවක් පුරා චීනය හා ශ්‍රී ලංකාව සමුද්‍ර විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයේ සමීප සහයෝගීතාවක් පවත්වාගෙන යනු ලබනවා. ශ්‍රී ලංකා පාර්ශවය සමඟ දේශපාලනමය අවබෝධාත්මක විශ්වාසය තහවුරු කිරීමටත්, දෙපාර්ශ්වයටම ප්‍රතිඵලදායක, ශක්තිමත් ස්ථාවර සහයෝගීතාවක් වැඩිදියුණු කිරීමටත් චීනය අපේක්ෂා කරනවා” යනුවෙන්.

“මම නැවත අවධාරණය කිරීමට කැමතියි Yuan Wang – 5 ජාත්‍යන්තර නීතියට හා භාවිතයන්ට අනුකූලව ක්‍රියාත්මක වන්නක්. එහි සමුද්‍ර විද්‍යාත්මක පර්යේෂණ ක්‍රියාකාරකම්වලින් කිසිදු රටක ආරක්ෂක සහ ආර්ථික අභිලාෂයන්ට බලපෑමක් ඇති කරන්නේ නැහැ. එමෙන්ම, ඊට කිසිදු තුන්වන පාර්ශවයක් බාධාවන් ද නොකළ යුතුයි” ඔහු සඳහන් කරනවා.

POPULAR

Recent articles