NDTV බහුතර කොටස් ප්‍රමාණයක් අදානි සමාගමට

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානී විසින් ඉන්දියාවේ ප්‍රධාන රූපවාහිනී ආයතනයක් වන NDTV ආයතනයේ බහුතර කොටස් ප්‍රමාණයක් මිලදී ගෙන තිබෙනවා.

එම කොටස් ගණුදෙනුවෙන් පසුව එම රූපවාහිනි ආයතනයේ මුල් හිමිකරුවන් සඳහන් කර ඇත්තේ, තම එකඟතාවයකින් තොරව අදානි සමාගම එම කොටස් මිලදී ගෙන ඇති බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් අදානි සමාගම සඳහන් කරන්නේ, තමන් සතු මූල්‍යමය හිමිකම අනුව NDTV සමාගමේ 29.18% ක කොටස් ප්‍රමාණයක් මිලදී ගත් බව හා එම කොටස් වලට අමතරව ඉදිරියේදී තවත් 26% ක කොටස් මිලදී ගැනීමට අපේක්ෂා කරන බවයි.

POPULAR

Recent articles