යුක්‍රේනයේ සිට පැමිණෙන්නන්ට ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතාවය

යුක්‍රේනයේ සිට පැමිණෙන පුද්ගලයින්ගේ වීසා අයදුම්පත් සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට ඕස්ට්‍රේලියාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වුවද යුක්‍රේන සම්භවයක් ඇති පුද්ගලයන් 38 000ක් පමණ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බව විදෙස් වාර්තාවල සඳහන් වනවා.

එමෙන්ම මේ වන විට යුක්‍රේනය තුළ ඕස්ට්‍රේලියානු පුරවැසියන් 1400 ක් පමණ සිටින බව එරට අගමැති ස්කොට් මොරිසන් පෙන්වා දෙනවා.

ශිෂ්‍ය වීසා, පවුල් වීසා හා වෙනත් අය ඇතුළුව දැනට අයදුම්පත් 430 ක් පමණ පවතින බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරනවා.

POPULAR

Recent articles