අක්‍රමිකතා සිදු කලොත් ජීවිතාන්තය දක්වා විභාග තහනම්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (07) ආරම්භ වනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව විභාගය පැවැත්වීම සඳහා සියලු කටයුතු මේවනවිට සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන කියා සිටිනවා.

විභාග මධ්‍යස්ථාන 2,437 කදී පැවැත්වෙන මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව දෙලක්ෂ 79,141 ක් වනවා.

කොවිඩ් 19 වෛරසය ආසදනය වූ හා නිරෝධායනයට යොමුව සිටින මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 29 ක් පිහිටුවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන පෙන්වා දෙනවා.

විභාග ප්‍රවේශපත්‍රය, හැඳුනුම්පත හා විභාගය ලිවීමට අවශ්‍ය පෑන් පැන්සල්වලට අමතරව වෙනත් කිසිඳු තහනම් භාණ්ඩයක් විභාග මධ්‍යස්ථානය වෙත රැගෙන ඒමෙන් වළකින ලෙස විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන මෙහිදී සිසුන්ගෙන් ඉල්ලා සිටිනවා.

කෙසේ වුවද යම් විභාග අපේක්ෂකයෙකු විභාග නීති උල්ලංඝණය කළහොත් අදාළ අයදුම්කරුට අවුරුදු 05 ක් හෝ ජීවිතාන්තය දක්වා විභාග තහනමක් පනවන බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටිනවා.

POPULAR

Recent articles