කොළඹ සරසවිය මෙරට ප්‍රමුඛතම සරසවිය ලෙස නම් කරයි

ජාත්‍යන්තර වෙබෝමෙට්‍රික්ස් ශ්‍රේණිගත කිරීමේ දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලය ලෙස කොළඹ විශ්වවිද්‍යාලය නම් කර තිබෙනවා.

එමෙන්ම ජාත්‍යන්තරව පිළිගත් සෙසු විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ දර්ශකයන්හි ද කොළඹ විශ්ව විද්‍යාලය ප්‍රමුඛස්ථානයට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් වන කොළඹ විශ්ව විද්‍යාලය පීඨ නවයක්, ආයතන හතක්, මධ්‍යස්ථාන හතක්, මණ්ඩපයක් හා පරිගණක විද්‍යායතනයකින් සමන්විත වනවා.

බහුවිධ ශාස්ත්‍රීය ශික්ෂණ හා අධ්‍යයන ධාරා රාශියක් අධ්‍යයනය සඳහා අවකාශ සලසාදෙන කොළඹ විශ්වවිද්‍යාලය තුළ ප්‍රථම, පශ්චාත් උපාධි, ඩිප්ලෝමා හා සහතික පත්‍ර ආදී පාඨමාලා හදාරන වශයෙන් විද්‍යාර්ථිහු 37,636 ක් අධ්‍යාපනය ලබනවා.

2022 වසරේ මුල් අදියරේ වෙබෝමෙටි්‍රක්ස් දර්ශකයේ ඉහළම ස්ථානයට පැමිණීම මගින් විශ්ව විද්‍යාලයේ ගුණාත්මක භාවයකින් යුත් පර්යේෂණ, ඉගැන්වීම් ක්‍රියාවලියේ විශිෂ්ටත්වය, ජාත්‍යන්තර පිළිගැනීම හා ප්‍රජාව, ආර්ථික හා කර්මාන්ත ක්ෂේත්‍ර සමග ඇති සබඳතාවය ඉස්මතු වන බව එම විශ්ව විද්‍යාලය පවසනවා.

POPULAR

Recent articles