ඔස්කාර් වේදිකාවේ කම්මුල් පහර

94 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර, හොලිවුඩ් පුරයේ, ‘ඩොල්බි’ රගහලේදී පැවැත් වුණා.

මෙහිදී 2021 වසරේ තිරගත වූ “King Richard” චිත්‍රපටය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය විල් ස්මිත් විසින් දිනාගැනීමට සමත් වූ අතර, සම්මාන උළෙල අතර තුර විල් ස්මිත් වේදිකාවට ගොඩවී, සම්මාන උළෙලේ නිවේදන කටයුතු මෙහෙයවමින් සිටි ප්‍රහසන නළු ක්‍රිස් රොක්​ට කම්මුල් පහරක් එල්ල කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා.

ස්මිත් ඔස්කාර් වේදිකාවට ගොස් ක්‍රිස් රොක්ගේ මුහුණට එලෙස වැරෙන් පහර එල්ල කරන්නේ, නිවේදකයා සිය බිරිඳ වන පින්කෙට් ස්මිත්ගේ කොණ්ඩ මෝස්තරය සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශයක් හේතුවෙනුයි.

ජේඩා පින්කෙට් හිස කෙසේ ගැලවී යෑමේ රෝගී තත්ත්වයකින් පීඩා විඳින අතර ඇය ඒ හේතුවෙන් සිය හිස බූ ගා සිටියා.

වේදිකාවේ සිටි ප්‍රහසන නළු ක්‍රිස් රොක්​ට එය විහිළුවක් වූ අතර ඔහු දිගින් දිගටම ජේඩා විහිළුවට ගත් අතර එය විල් ස්මිත්ගේ කෝපයට බදුන් විය.

පසුව විල් ස්මිත් වේදිකා​වට ගොඩ වී, ක්‍රිස් රොක්​ අසලට ගොස් ක්‍රිස් රොක් ට කම්මුල් පහරක් එල්ල කරනු ලැබූ අතර එය සම්මාන උළෙල හරහා සජීවී ලෙස විකාශය කෙරුණා.

ජේඩා පින්කෙට් හිස කෙසේ ගැලවී යෑමේ ‘ඇලොපෙසියා’ නමැති රෝගී තත්ත්වයකින් පෙළෙන අතර ඇය එම රෝගී තත්ත්වයෙන් පෙළෙන බව හඳුනා ගැනීම සිදුවූයේ 2018 දී යි. තමන් ‘​ඇලොපෙසියා’ රෝගී තත්ත්වයෙන් පෙළෙන බව ජේඩා පින්කෙට් විසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

මුල් අවස්ථාවේදී මෙම පහරදීම විහිළුවක් සේ පෙනුනද එය විහිළුවක් නොවන බව පසක් වන්නේ, පහර දීමෙන් පසු යළි සිය අසුන වෙත ගොස් ස්මිත් හඩ නඟා කළ ප්‍රකාශයත් සමගයි.

ඔහු එහිදී කෑ ගසා කියා සිටියේ තමන්ගේ බිරිඳගේ නම ඔබේ කටින් යළි ප්‍රකාශ නොකරන්න යනුවෙනුයි.

කෙසේ වුවද හොඳම නළුවාට හිමි සම්මානය ලැබීමෙන් අනතුරුව සම්මාන රාත්‍රීය අමතමින් විල් ස්මිත් උත්සව සභාවෙන් සමාව ඉල්ලා සිටියා.

POPULAR

Recent articles