රජයේ පත්වීම් වෙනුවෙන් නාමල් රාජපක්ෂ මැදිහත්වෙයි

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය යටතේ ක්‍රියාත්මක වන GSMB Technical Services (Pvt) Ltd හී ප්‍රධාන විධායක තනතුර සඳහා පත්කිරීම් වෙනුවෙන් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැදිහත්වී තිබෙනවා. මාධ්‍ය වාර්තා කරන්නේ පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ආයතනයට අදාළව පුද්ගලයන් දෙදෙනෙකුගේ නම් යෝජනා කර තිබෙන බවයි.

පරිසර විෂය භාර අමාත්‍යවරයා වන නසීර් අහමඩ් වෙත පාර්ලිමේන්තු ලිපි ශිර්ෂය සහිත ලිපියක් මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙම ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කර තිබෙන බවයි කියන්නේ. අදාළ තනතුරු සදහා එම්.එච්.ඩී.පී. කරුණාරත්න සහ ඉෂාර හේමන්ත යන අයගේ නම් නාමල් රාජපක්ෂ විසින් යෝජනා කර තිබෙනවා.

ඔවුන් දෙදෙනාගෙන් ඉෂාර හේමන්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මෙන්ම ඩී.වී. චානක මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙසද කටයුතු කළ අයෙක් බවයි අනාවරණය වන්නේ. දෙදෙනාගේ නම් යෝජනා කරමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අගෝස්තු 06 වන දා සිය ඉල්ලීම පරිසර අමාත්‍ය නසීර් අහමඩ් වෙත යොමු කර තිබෙනවා. පරිසර අමාත්‍යවරයා විසින් අදාළ තනතුර සදහා එම්.එච්.ඩී.පී. කරුණාරත්න යන අය පත් කර ඇත්තේ ඉන් පසුවයි.
ඊට අදාළ පත්වීමේ ලිපිය අගෝස්තු 10වන දා නිකුත් කළ බවයි කියන්නේ.

POPULAR

Recent articles