මෙරට විදේශ විනිමය අර්බුදය 2029 වසර වන තෙක් පවතිනවා – වෙළෙඳ ඇමති

අද වන විට ඇති වී තිබෙන විදේශ විනිමය අර්බුදය 2029 වසර වන තෙක් පවතිනු ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරනවා. ආණ්ඩුව අද වෙනස් වුනත් 2025 වෙනස් වුනත් එම තත්වය වෙනස් නොවන බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ.

“අපේ රටේ මේ වන විට ප්‍රධාන අර්බුදයන් 3ක් තිබෙනවා. එකක් තමයි විදේශ විනිමය පිළිබඳ ඩොලර් අර්බුදය. දෙවැනි එක රාජ්‍ය මූල්‍ය පිළිබඳ අර්බුදය. තුන ආර්ථිකය කඩා වැටිලා එතනින් ගොඩ ඒමේ අර්බුදය. ජනාධිපතිවරයාගේ කතාවේ බොහොම පැහැදිලිව මෙකී අර්බුද සඳහා ජාතික වශයෙන් පාර්ලිමේන්තුවේ වගකීම පිළිබඳ පැහැදිලි කිරීමක් කළා. මේ විදේශ විනිමය අර්බුදය අද ඊයේ ඇති වූ ප්‍රශ්නයක් නෙවෙයි. අපේ රටේ නිදහස ලැබුනු දවසේ සිට කවුරු ආණ්ඩු කළත් ලංකාවට භාණ්ඩ ආනයනය කරන්න යන වියදම වැඩිවන වියදමට සාපේක්ෂව අපි ආදායම් වැඩි කරගත්තේ නැහැ.

1977න් පසු ලංකාවේ තිබුණේ වෙළද හිඟයක්. හැමදාම අපි කරලා තිබෙන්නේ මේ රටේ නිෂ්පාදනය කිරීමට වැඩියෙන් පිටින් ගෙනල්ලා පරිභෝජනය කරලා තිබෙනවා.මේක තමයි ප්‍රශ්නයේ ඇත්ත කතාව. කාට හරි බැන බැන ඉන්නවාට වැඩිය මේ තිබෙන ගැඹුරු ප්‍රශ්නය පිළිබඳ අවබෝධ කර නොගෙන ඒ අවස්ථාවේ ඇති වන වාසිදායක තත්ත්වය තුළදී විදේශ විනිමයෙන් බඩ පිනුම් ගැසීමත් දුෂ්කරතාවයන්හීදී කාට හරි ඇගිල්ල දිගු කිරීමත් තමයි සිදු කරලා තිබෙන්නේ.

2029 වෙනකන් මේ අර්බුදයට මේ රට මුහුන දෙන්න ඕනේ. ඒකයි මේ ගැටලුව ජාතික අර්බුදයක් කියලා කියන්නේ. මෙහෙම ස්වෛරීත්ව බැදුම්කර නිකුත් කරලා ලංකා ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් යහපාලන ආණ්ඩුව වගේ මෙලෙස ණය අරගෙන නෑ.මේක ගෙනියන්න බැරිවුනු තැන මිලේනියම් චැලේන්ජ් කෝපරේශන් කියන මේ රටේ කොටසක් ඇමරිකා එක්සත් ජනපදයට පාවා දෙන ගිවිසුම අත්සන් කරන්න ලෑස්ති වුනා.

අද බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 250ක් ගන්නවා කියන කට්ටිය ඇමරිකාවෙන් ඩොලර් මිලියන 480ක් සඳහා තමයි මුලු රටම පාවාදෙන MCC ගිවිසුම අත්සන් කරන්න ගියේ” යි අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

More from author

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල පහළට

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල 3% කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොර තෙල් බැරලයක...

උද්ධමනය 45% ක් දක්වා ඉහලට

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට මැයි මාසයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 45.3% ක් දක්වා ඉහළ...

“Lazard” හා “Clifford Chance” සමාගම්වල නියෝජිතයින් අද (15) දිවයිනට

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් සහය ලබා ගැනීමට නියමිත “Lazard” සහ “Clifford Chance” යන...

ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි

අත්‍යවශ්‍ය භාණ්ඩ වුවද ප්‍රමාණය ඉක්මවා ආනයනය නොකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳ ප්‍රජාව ගෙන් ඉල්ලීමක් කර...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

“ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ඉතා උනන්දුවෙන් පසුවනවා” – ඇමරිකානු නියෝජිත පිරිස පවසයි

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉතා උනන්දුවෙන් පසුවන බවත් මෙරට සංචාරයක නිරතවන ඇමරිකානු නියෝජිත පිරිස පවසා තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග...

තමිල්නාඩු – කන්කසන්තුරේ අතර නැව් සේවාවට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය

තමිල්නාඩු හා කන්කසන්තුරේ වරායන් අතර භාණ්ඩ නැව් සේවාව සඳහා ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය හිමිවී ඇති බව ධීවර අමාත්‍යංශය පවසනවා. අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සඳහන් කරන්නේ තමිල්නාඩුවේ පොන්ඩිචේරි,...

“ඩොලර්වලින් උපයන අය ඩොලර්වලින්ම විදුලි බිල ගෙවිය යුතුයි” – මහජන උපයෝගීතා කොමිසම

තමන්ගේ ආදායමෙන් 60% කට වඩා විදේශ විනිමය උපයන පෞද්ගලික හෝ රජයේ ආයතන ඇත්නම් එම ආයතන සිය මාසික විදුලි බිල්පත ඩොලර්වලින් ගෙවිය යුතු බවට කොන්දේසියක්...