ශ්‍රී ලංකාව ලෝක ආහාර උද්ධමනයේ 05වන තැනට

ලෝකයේ ඉහළ ආහාර කාණ්ඩයේ උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් 10 අතරට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වී ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කරනවා.

ඒ අනුව ලෝකයේ වැඩිම ආහාර උද්ධමනයක් ඇති රටවල් පිළිබඳ ලෝක බැංකු දර්ශකයේ ශ්‍රී ලංකාව 05වාන් තැනට පැමිණ තිබෙනවා.

එම දර්ශකයේ ශ්‍රී ලංකාවට ඉහළින් සිටින රටවල් හතර වන්නේ ලෙබනනය, සිම්බාබ්වේ, වෙනිසියුලාව හා තුර්කියයි.

ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉකුත් ජූනි මාසයේ 75.8% ක් ලෙස වාර්තා වූ අතර එය ජූලි මාසයේ 82.5% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා වල සඳහන් වනවා.

POPULAR

Recent articles