ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරු වීසා දීර්ඝ කරගනියි

සිංගප්පූරුවේ රැඳී සිටින ශ්‍රී ලංකාවෙන් පැන ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ රැඳී සිටීම දීර්ඝ කිරීමට නියමිත බව එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. මීට සති දෙකකට පෙර පෞද්ගලික සංචාරයක් සඳහා පැමිණි බව කියමින් සිංගප්පූරුව වෙත ගිය අවස්ථාවේදී නිකුත් කර තිබූ ඔහුගේ කෙටි කාලීන සංචාර බලපත්‍රය ඒ අනුව තවත් දින 14කින් දීර්ඝ කරමින් ඇති බව එම වාර්තා සඳහන් කරනවා.

පැන ගිය ජනාධිපතිවරයා වෙත නිකුත් කර ඇති නව වීසා බලපත්‍රය අගෝස්තු 11 දිනෙන් අවසන් වන බවයි කියන්නේ. ඔහු මුලදී නගර මධ්‍යයේ හෝටලයක නැවතී සිටි නමුත් දැන් යලිත් පෞද්ගලික නිවසකට ගොස් ඇතැයි විශ්වාස කරන බවයි එරට මාධ්‍ය පවසන්නේ. ජූලි 14 වැනි දින ඔහු පැමිණ ටික වේලාවකට පසු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු ඔහු වෙත පෞද්ගලික සංචාරයක් සඳහා ඇතුළු වීමට අවසර දී ඇති බව තහවුරු කළ අතර, ඔහු සරණාගතභාවය ඉල්ලා නොසිටි බවත්, සරණාගතභාවය ලබා නොදුන් බවත් පැවසුවා.

පසුගිය බදාදා (ජූලි 20) ආගමන හා මුරපොල අධිකාරිය (Immigration and Checkpoints Authority -ICA) මාධ්‍ය ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ සමාජ සංචාර සඳහා සිංගප්පූරුවට ඇතුළු වන ශ්‍රී ලංකාවේ අමුත්තන්ට සාමාන්‍යයෙන් 30 දක්වා කාලයක් සහිත කෙටි කාලීන සංචාර බලපත්‍රයක් නිකුත් කරන බවයි.

POPULAR

Recent articles