ස්වාධීන වූ පක්ෂ එක්ව නව සන්ධානයක් ගොඩනැගීමේ තීරණයක

ආණ්ඩුවෙන් ස්වාධීන වූ බව කියන පක්ෂ එක්ව සන්ධානයක් ගොඩනැගීමට තීරණය කළ බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසනවා. ඉදිරි දේශපාලන අරමුණු ජය ගැනීම සඳහා එම තීරණය ගත් බවයි ඔහු කියන්නේ.

එම සන්ධානයේ නායකත්වයට ඩලස් අලහප්පෙරුම පත්කිරීමට නියමිතබව තහවුරු නොකළ ආරංචි මාර්ග උපුටමින් මාධ්‍ය වාර්තා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසන්නේ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ දහය වෙනම පෙරමුණකින් ඉදිරි මැතිවරණයට තරඟ කිරීමට බලාපොරොත්තු වන බවයි. ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකයා වශයෙන් සිය සන්ධානය තවදුරටත් පුළුල් කරගැනීම සඳහා අනෙකුත් පක්ෂ වල මන්ත්‍රීවරුන් සමග මේ වන විට සාකච්ඡා ආරම්භ ආරම්භ කර ඇති බව ඔහු පවසනවා.

“අපි ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින් ම අගය කරන කණ්ඩායමක්. ඒ නිසා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමේ අරමුණින් වෙනම පෙරමුණකින් මැතිවරණයට ඉදිරිපත් වෙනවා” යි ඔහු කියනවා.

තම කණ්ඩායම කණ්ඩායම, සමගි ජන බලවේගය විසින් මේ වන විට ගැසට් කර තිබෙන 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ද පක්ෂව ඡන්දය ලබා දීමට බලාපොරොත්තු වන බවයි පොහොට්ටුවේ මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසන්නේ. විධායක බලතල රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානිදායක බවට තම කණ්ඩායම විශ්වාස කරන නිසා මෙම තීරණය ගත් බව ඔහු පැවසුවා.

මීට පෙර මෙම කණ්ඩායම ආණ්ඩු පක්ෂයෙන් ස්වාධීන වූ බව කියූ විට පක්ෂ 11ක් ලෙස ඉවත් වූවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කණ්ඩායමෙන් ඉවත් වූ නිසා දැන් එම එකතුවේ සිටින්නේ පක්ෂ 10ක් පමණයි.

POPULAR

Recent articles