මැතිවරණ ප්‍රචාරණ කටයුතු දෙවනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්.

මැතිවරණ ප්‍රචාරණ කටයුතු දෙවනදා මධ්‍යම රාත්‍රියෙන්
අවසන්.

මහ මැතිවරණයට අදාළව නිහඩ කාලය අගෝස්තු 02 වනදා මධ්‍යම
රාත්‍රී 12.00ට ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන්
කරනවා.
පසුගිය 26 වනදින පක්ෂ ලේකම්වරුන් සමඟ පැවති සාකච්ඡාවේදී
අපේක්ෂකයින් සදහා ගෙයින් ගෙට ගොස් ඡන්ද ආයාචනා කිරීම හා
අත්පත්‍රිකා බෙදීම සදහා අගෝස්තු 03 වනදා දක්වා අනුමැතිය
ලබාදීමට තීරණය කර තිබුණා.

නමුත් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ
කොමිෂන් සභාව සඳහන් කරන්නේ එම කාලය තුළදී
අපේක්ෂකයන් විසින් ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම, වතු
රැස්වීම් හෝ නිවාස තුළ රැස්වීම් පැවැත්වීම, ඡන්ද
ආයාචනය කිරීම සඳහා ගෙයින් ගෙට යෑම, අත්
පත්‍රිකා බෙදීම, නිවේදිත ශාඛා කාර්යාලවල ප්‍රචාරණ
පුවරු ප්‍රදර්ශනය කිරීම, පෝස්ටර්, දැන්වීම් බැනර්
ප්‍රදර්ශනය කිරීම යනාදි කිසිඳු ප්‍රචාරණ ක්‍රියාවක් සිදු
කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි.

මෙවර මහ මැතිවරණයට අදාළව මේ වන විට
පැමිණිලි 5601 ලැබී ඇති බව මැතිවරණ කොමිසම
සභාව පවසනවා
ඉන් පැමිණිලි 4559ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි
කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී අතර තවත්
පැමිණිලි 1042ක් ජාතික මැතිවරණ පැමිණිලි
කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති බවයි එම
කොමිසම සඳහන් කළේ.

#A5_News_SriLanka

එක්වන්න රාත්‍රී 8.30 ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles