අගමැති අරලියගහ මන්දිරේට යන්නේ නැහැයි ලු

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේ පදිංචියට නොයන බව පවසනවා. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා තම පෞද්ගලික නිවසේ පදිංචිව සිටින අතර කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිට රාජකාරී කිරීමට තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් සියයට 50කින් කපා හැරීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මීට පෙර උපදෙස් ලබා දී තිබූ අතර එම වියදම් කපා හැරීම තමාට ද අදාළ බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ.

POPULAR

Recent articles