සතියේ වැඩ කරන දින ගණන දින හතරකට අඩු කිරීමට මහ බැංකුවෙන් යෝජනාවක්

ඩොලර් හිඟයත් සමඟ ඇතිව තිබෙන ඉන්ධන අර්බුදය හේතුවෙන් ආර්ථික කඩා වැටීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින්. ඉන්ධන සහ විදුලි අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අඟහරුවාදා පැවති විශේෂ කැබිනට් රැස්වීමේ දී මහ බැංකු අධිපතිවරයා එම යෝජනාවලිය රජයට ඉදිරිපත් කරනු ලැබූ බවයි කියන්නේ.

මේ දක්වා සතියේ වැඩ කරන දින ගණන වූ දින පහ දින හතරකට අඩුකර දිනාට වැඩ කරන පැය ගණන වැඩි කරන ලෙසට මහ බැංකුව යෝජනා කර තිබෙනවා. ඒ අනුව ආයතනවල කටයුතු උදේ හතයි තිහට ආරම්භ කර පස්වරු පහයි තිහ දක්වා පවත්වාගෙන යන ලෙසටයි ඔවුන් පවසා ඇත්තේ. ආයතන තුළ සිට වැඩ කරන සේවකයන්ට උදේ 9.00 සිට හවස 3.00 දක්වා වැඩ කර නිවෙස්වලට කලින් යාමේ අවස්ථාව සලසා දිය යුතු බවට ද මහ බැංකුව යෝජනා කර තිබෙනවා.

පෞද්ගලික වාහන භාවිතය අධෛර්යමත් කර වැඩියෙන් පොදු ප්‍රවාහනයටයොමු කරන ලෙසද මහ බැංකුව ඉල්ලා ඇති බව වාර්තා වෙනවා. ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් සහ ඉන්ධන පරිහරණය අරපිරිමැස්මෙන් කළ යුතු බවට ජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ගෙන යන ලෙසද මහ බැංකුව ඉදිරිපත් කර ඇති යෝජනාවලියේ සඳහන් වෙන බව කියනවා.

POPULAR

Recent articles