තෙල් නැතිව ලංගම පාර මැද නවතියි

කොළඹ සිට මාතර බලා ගමන් ගත් ලංගම බස් රථයක් ඩීසල් නොමැතිවීම හේතුවෙන් කළුතර නගර මධ්‍යයේ නතර වී තිබෙනවා. එය සිදුවී ඇත්තේ අද (23) පෙරවරුවේ දී යි.

බස් රථය නතර වන විට මගින් 80ක පමණ පිරිසක් එහි සිට ඇති අතර ඔවුන් වෙනත් බස්රථ වලට යොමු කිරීමට කටයුතු කර කළ බවයි කියන්නේ.

ඉන් පසුව කළුතර ඩිපෝවෙන් ඩීසල් ප‍්‍රමාණයක් රැගෙන පැමිණ යළිත් බස් රථය පණ ගන්වා ගෙන පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

POPULAR

Recent articles