”ආණ්ඩුව විසින් රටේ තෙල් හිඟයට හේතුව ත්‍රීවීල් කියලා මතයක් හැදුවා” – සුදිල් ජයරුක්

ඉන්ධන ලබා දීම සඳහා හඳුන්වා දී ඇති QR ක‍්‍රමවේදය අසාර්ථක බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

එහෙත් ත‍්‍රිරෝද රථයකට සතියකට ඉන්ධන ලීටර පහක් කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව සංගමයේ සභාපති සුදිල් ජයරුක් කියනවා. කුලී ත්‍රීරෝද රථ සේවයේ යෙදෙන්නන්ට අවම වශයෙන් සතියකට ලීටර 15ක් අවශ්‍ය බවයි ඔවුන් කියන්නේ.

මේ පිළිබඳව අප කළ විමසීමකදී ත්‍රීරෝද රථ හිමියකු පැවසුවේ ඉන්ධන වංචාව සිදු කරන බවට තමන්ට චෝදනා කළත් එය සිදුවන්නේ පිරවුම්හල් කාර්යය මණ්ඩලය, පොලිසිය සහ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් බව ඔහු පවසනවා.

“අපිට ඔය තරම් තෙල් ගහගන්න සල්ලි නැහැ. ෂෙඩ් වල CCTV කැමරා තියෙනවනේ. ඕනනං බලන්න කව්ද තෙල් ගහගන්නේ කියලා. ආණ්ඩුව කළේ අපිට චෝදනා කරන එක. එහෙම කරලා රටේ තෙල් හිඟයට හේතුව ත්‍රීවීල් කියලා මතයක් හැදුවා. ඒක අමූලික බොරුව. මම නම් කියන්නේ QR වැඩේ හොඳයි. හැබැයි ත්‍රීවීල් එකෙන් දරු පවුල් නඩත්තු කරන අයට ලීටර් පහක් ගෑවෙන්නවත් මදි. දෙය්යනේ කියලා බඩගින්නේ නොයිද ජීවත් වෙන්න ලීටර් 15ක් 20ක් විතර සතියකට ඕනේ” යයි ඔහු පවසනවා.

POPULAR

Recent articles