පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් දෙදෙනෙකුට ඇප

2019 වසරේ පාස්කු ඉරිදා දිනයේදී කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් 02 කට ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් දෙදෙනෙකු වෙන මොහොමඩ් ඉල්හාම් සහ මොහොමඩ් ඉන්ෂාෆ් යන අයගේ පියා වන කෝටිපති ව්‍යාපාරිකයා සහ ඔවුන්ගේ එක් සහෝදරයෙකු ඇප මත මුදා හැර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් නවරත්න මාරසිංහ විසින් මෙම නියෝගය ලබා දී තිබුණා .

සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 02 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 03 ක් මත මුදා හැරුණා. ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කෙරුණු අතර විදෙස් ගමන් බලපත්‍ර අධිකරණය භාරයට දෙන ලෙසට නියෝග කළා.

සෑම මාසයකම පළමු සහ අවසන් ඉරිදා දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසත් ඔවුනට අධිකරණය දන්වා තිබෙනවා.

POPULAR

Recent articles