බන්දුල ගුණවර්ධනගේ ක්‍රීඩාංගන සිහිනය ගැන මහේල ජයවර්ධනගේ පණිවිඩය

බන්දුල ගුණවර්ධනගේ ක්‍රීඩාංගන සිහිනය ගැන මහේල ජයවර්ධනගේ පණිවිඩය

ලංකාවට ඇති තරම් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන පවතින බවත් ඒවායේ අවශ්‍ය තරමට ක්‍රිකට් ක්‍රීඩා නොකරන පසුබිමක තවත් ක්‍රිකට් ක්‍රීඩාංගනයක් අවශ්‍ය නොවන බවත් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා සිය නිල ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් ප්‍රකාශ කරනවා.

රුපියල් කෝටි 750ක් වියදම් කරමින් ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය නිර්මාණය කිරීමට පිඹුරු පත් බැලීම සඳහා ඊයේ දිනයේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සහ ක්‍රිකට් බලධාරීන් හෝමාගම දියගම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. තව වසර දෙකක් හෝ තුනක් ඇතුලත ආසන හතළිස් දහසකින් යුත් ක්‍රීඩාංගනයක් ලෙස එම ක්‍රීඩාංගනය නිම කළ හැකි බව බන්දුල ගුණවර්ධන මහතා ඒ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියා. එයට පිළිතුරු දක්වමින් සිය නිල ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා මෙලෙස තම අදහස් දක්වා තිබුණා.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

https://twitter.com/A5Sri

POPULAR

Recent articles