”ඩීසල් ලැබුණොත් බස් ගාස්තු අඩු කළ හැකියි” – බස් සංගම්

අද (18) දිනයේ පෞද්ගලික බස් රථ ධාවනය වන්නේ 15% ක පමණ ප්‍රතිශතයක් බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

එමෙන්ම ඔහු සඳහන් කර සිටින්නේ ප්‍රමාණවත් ලෙස ඩීසල් ලැබෙන්නේ නම් බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවයි.

එසේම සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පෙන්වා දෙන්නේ බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තිය අනුව මිල සංශෝධනයක් සිදු වන්නේ ඩීසල් මිලෙහි 4% ක වෙනසක් සිදු වුවහොත් පමණක් බවයි.

ඒ අනුව ඉන්ධන මිල රුපියල් 20 කින් අඩු කිරීම මත 4% ක මිල සංශෝධනයක් සිදු කළ යුතුද යන්න ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සහ ප්‍රවාහන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කළ යුතුව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

POPULAR

Recent articles