‘හරිත ගුරුවරයා’ ජනපති අතින් විවෘත කෙරේ

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ 9 වන ජාතික සම්මේලනය ඊයේ (16) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වුණා.

ජාතික සම්මේලනයට සමගාමීව ‘හරිත ගුරුවරයා’ වෙබ් අඩවිය විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

මීට අමතරව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ 9 වන ජාතික සම්මේලනය සහ වාර්ෂික නිලවරණය පැවති අතර සහ සංගමයේ හිටපු සභාපතිවරුන් සිව් දෙනෙකුට සහ එක් සාමාජිකයෙකුට සමරු තිළිණ පිරිනැමීම ද එහිදී සිදු කෙරුණා.

විශ්වවිද්‍යාල මහාචාර්යවරු, කථිකාචාර්යවරුන්, වෘත්තීයවේදීන්, රජයේ පාසල්වල ගුරුවරු ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන 3 500කට ආසන්න පිරිසක් මෙහි සාමාජිකත්වය දරන සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය (APLA) පිහිටුවා ඇත්තේ 2004 වසරේදී යි.

POPULAR

Recent articles