“රාජපක්ෂ පවුල පාලනයෙන් ඉවත් වෙලා රටෙන්ම ගියත් කමක් නෑ” – වී. රාධාක්‍රිෂ්ණන්

රටට හොද නායකයෙක් බිහි විමට නම් රාජපක්ෂ පවුල් රටේ පාලන බලයෙන් ඉවත් වි මෙරටින් පිටව යායුතු බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ සජබ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වි. රාධාක්‍රිෂ්ණන් පවසනවා. මන්ත්‍රීවරයා පවසන්නේ “අගමැති තුමා දවසින් දවස එක එක කතා කියනවා. මම යන්නේ නැ කියනවා. එලෙව්වත් යන්නේ නැ කියනවා” යනුවෙනුයි.

“ගෝල්ෆේස් එකේ ජනතාව එක්රැස් වෙලා කියන්නේ අස්වෙලා යන්න කියලා. නමුත් අගමැතිතුමා කියනවා යන්නේ නැ කියලා. ඊට පස්සේ හාමුදුරුවරුන්ට කියනවා හෙට අනිද්දා මම අයින් වෙනවා කියලා. මෙයා ජනතාවට එකක් කියනවා. මාධ්‍යට එකක් කියනවා. හාමුදුරුවරු හම්බවුනාම තවත් එකක් කියනවා. මෙයා මොන මඟුලක් කරනවාද දන්නේ නැ.

ශ්‍රි ලංකාව දැන් හිගාකන තැනට පත්වෙලා. අපි කියනවා කරුණාකරලා අයින් වෙලා යන්න. මේ රටේ මිනිස්සුන්ට කන්න බොන්න දෙන්න.
අපිට වඩා දුප්පත් රටවල් වලට ගිහින් ඉන්ධන, බෙහෙත්, සිමෙන්ති ඉල්ලනවා. හැබැයි කලින් කිව්වේ අපිට ඩොලර් එනවා අපි බය නෑ කියලා. මොල හතක් තියෙන බැසිල් රාජපක්ෂව දැම්මා මුදල් ඇමති විදිහට. එයා ඔක්කොම කලා ගියා.

සිමෙන්ති වැඩි වුණා, තෙල් මිල වැඩි වුණා. දැන් ඒ ගමන සබන් මිලත් වැඩි වෙලා. නාන්නවත් නැතුව ගඳ ගගහා තමයි මිනිස්සුන්ට ඉන්න වෙන්නේ.
මේ රටේ පෝලිම් යුගයක් ඇවිත් . පාන් පිටි නැහැ. හෙට අනිද්දා පාන් පෝලිමක් එයි. මේක නැති කරන්න ඕනේ.

ඒකට කරන්න ඕනේ රටට හොද පාලකයෙක් පත් කරගන්න එක. ඒක කරන්නනම් රාජපක්ෂ පවුලම මේ පාලනයෙන් ඉවත් වෙලා රටෙන්ම ගියත් කමක් නෑ”යි මන්ත්‍රීවරයා පවසනවා.

POPULAR

Recent articles