මෙන්ඩිස් සහ සමාගමට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් යළි බලපත්‍ර

මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලැබූවෙක් වන අර්ජුන ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යළි බලපත්‍ර නිකුත්කර තිබෙනවා. ඔවුන් සඳහා හිමිව තිබූ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය 2018 වසරේදී සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අවලංගු කළා. ඒ සමාගම විසින් රුපියල් බිලියන 1.5 කට අධික බදු ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැරීම හේතුවෙන්.

එසේ අවලංගු කරන ලද බලපත්‍රය පිළිබඳව පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට බඳුන් වීමෙන් පසු, වසර දෙකක් තුළ හිඟ බදු මුදල නැවත ගෙවීමේ එකඟතාවක් මත සුරාබදු දෙපාර්තමේන්තුව විසින් බලපත්‍රය නැවත නිකුත් කෙරුණා.

2021 ජුනි මස 01 වන දින යළි අහෝසි කරන ලද්දේ එම බලපත්‍රය යි. මෙන්ඩිස් සහ සමාගම විසින් රජයට ගෙවිය යුතු රුපියල් බිලියන 1.5 කට අධික බදු ප්‍රමාණය මෙතෙක් ගෙවා නොමැති අතර, එම බදු ඉදිරියේදී ගෙවීමේ පදනම මත දෙපාර්තමේන්තුව විසින් මෙලෙස යළිත් බලපත්‍ර නිකුත් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මේ අතර රාජ්‍ය බැංකුවක් ලංකා බැංකුවෙන් ලබාගත් රුපියල් බිලියන 04ක ණය මුදලක් පැහැර හැරීම සම්බන්ධයෙන්ද මෙන්ඩිස් සහ සමාගමට එරෙහිව නඩුවක් පැවරී තිබෙනවා.

POPULAR

Recent articles