වැටුප් ගෙවන්න මුදල් නැති බව ඇමති බන්දුල කියයි !

වැටුප් ගෙවන්න මුදල් නැති බව ඇමති බන්දුල කියයි !

ජනාධිපතිවරණයේදී වූ පොරොන්දු කොරෝනා වසංගතය හේතුවෙන් ඉටු කිරීම අපහසු වී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා .

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවා ගැනීම පවා අසීරු මට්ටමකට පත්ව ඇති බවයි ඒ මහතා කියා සිටියේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම, ණය වාරික පොලී ගෙවීම, විශ්‍රාම වැටුප් හා සමෘද්ධි සහනාධාර ගෙවීම ආදිය සඳහා රජයට ලැබෙන ආදායම මේ වන විට නතර වී ඇති බවයි.

මේ අතර මේ පිලිබඳව අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසන්නේ ජනතාවට ඉන්ධන මිල සහනයවත් ලබා දී නැති අතර ඉන්ධනවලින් විශාල ආදායමක් ආණ්ඩුව විසින් ලබාගන්නා බවයි.

තවද රාජ්‍ය සේවකයාගේ වැටුප් ගෙවීම සඳහා මුදල් නැතැයි කියමින් ඔවුන්ගේ වැටුප් කපගන්නා ආණ්ඩුව , මධ්‍යම අධිවේගී මාර්ගයට රුපියල් කෝටි 3100 (තුන්දහස් එක සියයක්) වෙන් කර ඇති බවද විජිත හේරත් මහතා පෙන්වා දෙනවා.

POPULAR

Recent articles