“වසර තුනක් යන තුරු විදුලි කප්පාදු කරන්න වෙනවා” – ලංවිම ඉංජිනේරු සංගමය

කඩිනමින් විදුලි බලාගාර ඉදිකිරීමට කටයුතු නොකළහොත් දෛනිකව සිදුවන විදුලි කප්පාදුව තවත් වසර කිහිපයක් පුරා පවතිනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කියා සිටිනවා.

අද දවසේ විදුලි බලාගාරයක් ඉදිකිරීම ආරම්භ කළ ද ඉන් විදුලිය ලබාගැනීමට වසර තුනක පමණ කාලයක් ගතවන බවයි ඔවුන් කියන්නේ.

දැනට තිබෙන තත්ත්වය අනුව වසර තුනක් යන තුරු විදුලි කප්පාදුවක් සිදුවනු ඇතැයි සංගමයේ සභාපති අනිල් රංජිත් පවසනවා.

POPULAR

Recent articles