ත්‍රිපෝෂ සමාගමෙන් වාර්තාවක්

ත්‍රිපෝෂ සම්බන්ධව එල්ල වී තිබෙන චෝදනාව පිළිබඳව ත්‍රිපෝෂ සමාගමේ ස්ථාවරය පැහැදිලි කරන වාර්තාවක් එහි සභාපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලීද සිල්වා ප්‍රකාශ කරන්නේ එම වාර්තාවෙන් හෙළිවන කරුණු අනුව මෙතෙක් බෙදා හැර ඇති ත්‍රිපෝෂ යළි එකතු කිරීම හෝ එකතු නොකිරීම පිළිබඳව තීරණය කරන බවයි.

මේ අතර ත්‍රිපෝෂ සම්බන්ධයෙන් එල්ල වන චෝදනාව පිළිබඳව මව්වරුන් කරුණු විමසන බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳව පැහැදිලි පිළිතුරක් ලබාදිය යුතු බව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

එම සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු සඳහන් කරන්නේ මව්වරුන්ට සහ දරුවන්ට බෙදා දුන් ත්‍රිපෝෂ නැවත එකතු කරන්නැයි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දැනුවත් කර නොමැති බවයි.

POPULAR

Recent articles