සෞඛ්‍ය අංශ ඉදිරි සති කිහිපය ගැන අනතුරු අඟවයි

මේ දිනවල වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින්ගේ වැඩිවීම සුලුවෙන් තැකිය නොහැකි බව සෞඛ්‍ය අංශ පවසනවා.

එබැවින් නිවැරදි සෞඛ්‍ය පුරුදු දැඩිව ආරක්ෂා කිරීම මෙන්ම බූස්ටර් මාත්‍රාව කඩිනමින් ලබා ගැනීම ද අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පෙන්වා දෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ ඉදිරි සති කිහිපයේදී වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් තවත් වැඩිවීමේ අවධානමක් පවතින බවයි.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාවේ ඉලක්කගත ජනගහනයෙන් 95% කට දෙවැනි මාත්‍රාව ලබාදී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

ළමුන්ගෙන් ද 98% ක් මේ වන විටත් එන්නත් කර අවසන් වී ඇති අතර බූස්ටර් මාත්‍රාව ලැබූ සංඛ්‍යාව ද ලක්ෂ 60 කට ආසන්නවී තිබෙනවා.

POPULAR

Recent articles