පාකිස්තානයේ අගමැති විශ්වාසභංගයෙන් ගෙදර යයි

පකිස්ථාන දේශපාලන ඉතිහාසය තුළ විශ්වාසභංග යෝජනාවකින් පරාජයට පත්ව සිය අසුන අහිමි වූ පළමු අග්‍රාමාත්‍යවරයා බවට එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉතිහාසයට එක් වනවා.

ඒ ඊයේ (09) අග්‍රාමාත්‍ය ඛාන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව එරට පාර්ලිමේන්තුවේ ජාතික සභාව විසින් විවාදයට ගැනුණු අවස්ථාවේ දී ඔහුට එරෙහිව වැඩි ඡන්ද ප්‍රමාණයකින් එය සම්මත වීමත් සමඟයි.පකිස්ථාන පාර්ලිමේන්තු සභාවේ දී ඛාන්ට එරෙහිව වූ විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම පැවැත්වූ අතර, ඔහුට එරෙහිව ඡන්ද 174ක් වාර්තා වුණා.

ඒ අනුව අගමැතිට එරෙහිව පකිස්ථාන දේශපාලන ඉතිහාසයේ ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවක් සම්මත වූ පළමු අවස්ථාව ද මෙයයි.ඊට සුළු මොහොතකට පෙර ඉම්රාන් ඛාන්ගේ පාකිස්ථාන ටෙහෙරික් ඊ ඉන්සාෆ් පක්ෂ සාමාජිකයෙකු වන කථානායකවරයා ඉල්ලා අස්වුණා.නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත් කරගැනීම උදෙසා රැස්වන පාර්ලිමේන්තුව අද (10) දින පස්වරු 02කට රැස්වීමට නියමිතයි.පකිස්ථාන ආර්ථිකය වියවුල්කාරී තත්ත්වයකට ඇදවැටීමට හේතුව අදූරදර්ශී පාලනය බවයි එරට විද්වත් දේශපාලන පක්ෂ පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙනුයි ඛාන්ට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට කෙරුණු යෝජනාවට එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර හිමි වුණේ.පාකිස්ථාන ව්‍යවස්ථාදායක හෙවත් පාර්ලිමේන්තුව සභා ද්විත්වයකින් සමන්විත අතර, එය ජාතික සභාව සහ පහළ සභාව ලෙස හඳුන්වනවා.

69 හැවිරිදි ඉම් රාන් ඛාන් විශ්වාසභංග යෝජනාවට මනාප පළ වෙන අවස්ථාවේ දී සභාවේ නොසිටි අතර, ඔහුට සහාය පළ කරන්නන් විසින් ක්‍රියාත්මක කරනු ලැබූ පා ගමනකට ඔහු ද එක්ව සිටීම මෙයට හේතුව බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

මන්ත්‍රීවරුන් 342 දෙදෙනෙකුගෙන් සමන්විත ජාතික සභාව තුළ සිටි මන්ත්‍රීවරුන් 174 දෙනෙකු විසින් අදාළ විශ්වාසභංග යෝජනාවට සහාය හිමි වුණා.එහිදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සමාජවාදී, ලිබරල් සහ රැඩිකල් ආගමික පක්ෂවල දේශපාලනඥයින් ද ඊට ඇතුළත්.අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉවත් කිරීමත් සමග දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ, පකිස්ථාන දේශපාලන ඉතිහාසයේ කිහිපවතාවක් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ ප්‍රබලයෙකු මුස්ලිම් ලීගයෙන් නව අගමැති ලෙස පත්වීමේ ඉඩකඩ වැඩි බවයි.

ඒ අනුව එරට විපක්ෂ නායක ෂෙහ්බාස් ෂරීෆ් යළිත් අගමැතිවරයා ලෙසින් පත්වීමට අවස්ථාව ඇති බවයි.ඔහු තුන්වරක් පාකිස්ථානයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ නවාස් ෂරිෆ්ගේ සොහොයුරායි.හිටපු අගමැති ඛාන්ට එරෙහිව විශ්වාසභංගයක් ගොනුවීමට තවත් චෝදනාවක් ගොනු වී තිබුණු අතර, එම චෝදනාව වූයේ, එරට පාර්ලිමේන්තුව ව්‍යවස්ථාවට පටහැනි ලෙසින් විසුරුවා හැරීමට කටයුතු කිරීමයි.ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක ෂෙහ්බාස් ෂරීෆ් කියා සිටියේ පාකිස්තානය සහ එහි පාර්ලිමේන්තුව “අවසානයේ බරපතළ අර්බුදයකින් නිදහස් වූ” බවයි.

විපක්ෂ නායකවරයා සඳහන් කළේ “Congratulations to the Pakistani nation on a new dawn.” (නව උදාවකට පකිස්ථාන ජාතියට සුබ පැතුම්”) එක් කරන බවයි.

සිය ට්විටර් ගිණුමේ විපක්ෂ නායක ෂරීෆ් මෙසේ ද සිය ස්තුතිය පළ කර ඇත්තේ, රට අර්බුදයෙන් ගොඩගැනීමට දායක වූ මාධ්‍ය ආයතන මෙන්ම සෙසු බලකායන් වෙත ද සිය ප්‍රණාමය පුද කරමින්..,”Congratulations to all media bodies & civil society organizations on their struggle to get draconian PECA Ordinance declared as ‘unconstitutional’. It marks a great victory for our media & democratic forces. Last 4 years have witnessed unprecedented curbs on freedom of expression.

2018 වසරේ දී සිය අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත් වූ ඛාන් යනු පාකිස්ථානු ක්‍රිකට් ලෝලීන් දැඩි ලෙසින් ආදරය කරන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වනවා.ඛාන්ව දේශපාලනික මතධාරින්ගේ විවේචනයට භාජනය වූ තවත් කරුණක් වූයේ ඔහු විසින් විරුද්ධ පක්ෂ විදේශ බලවතුන් සමග කටයුතු කරන බවට ද චෝදනා කිරීමයි.ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළේ, තමන්ව ධුරයෙන් ඉවත් කිරීම විදේශීය කුමන්ත්‍රණයක් බවත්, එය පසුපස අමරිකාව සිටින බවත් ය.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කෙරුණේ ඔහු රට ආර්ථික අගාධයකට ඇද දැමූ බවට චෝදනා කරමින්.කෙසේ නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය යටතේ රට තුළ යම් ආර්ථික ස්ථාවරභාවයක් ඇති කිරීමට ඔහු සමත්වූ බව නොරහසක්.

කෙසේ නමුත් පාකිස්ථානය පසුගිය කාලය තුළ සිය සංවර්ධන කටයුතු සඳහා චීනයට විශාල වශයෙන් ණයගැතිවීම එම තත්ත්වය සඳහා බලපා ඇති බව ඇතැම් විචාරකයන්ගේ අදහසයි.හිටපු අග්‍රාමාත්‍යවරයා රුසියාව විසින් යුක්රේන ආක්‍රමණය දියත් කරමින් සිටියදී ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට මොස්කව් වෙත ගොස් තිබුණා.

එහිදී ඉම්‍රාන් ඛාන් විසින් බුෂ් පරිපාලනය ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ලෙස හැඳින්වූ කාරණය යළි යළිත් ප්‍රකාශ කිරීම විදෙස් මාධ්‍ය තුළ දැඩි කතාබහකට ද ලක් වුණා.මෙවන් පසුබිමකදියි ඉම්රාන් ඛාන්ට එරෙහිව පසුගිය සතියේ පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම ඊයේ දිනය දක්වා කල් තැබුණේ.ඊයේ ද කිහිපවතාවක්ම එය කල් දැමුණ ද, මධ්‍යම රාත්‍රියේ දී එය වැඩි ඡන්දවලින් සම්මත වුණා.

POPULAR

Recent articles