වරායේ දොඹකරවලට තරුණියන්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දොඹකර ක්‍රියාකරවන්නියන් ලෙස තරුණ කාන්තාවන් වැඩි වශයෙන් බඳවා ගැනීමට පියවර ගන්නා බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටිනවා.

ඔහු මෙසේ පැවසුවේ වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ රැස්වීමකදී යි.

අමාත්‍යවරයා එහිදී අදාළ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දී ඇත්තේ තම අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු අනෙකුත් ආයතනවල මෙහෙයුම් කටයුතු පුළුල් කරමින් කාර්යක්ෂමතාව වැඩි කරන ලෙසයි.

එමෙන්ම සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝගය (2010 අංක 14 දරණ) අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද කාරක සභාවේ එකගත්වය හිමි වී තිබෙනවා.

මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රේමලාල් ජයසේකර, ශාන්ත බණ්ඩාර සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් වීරසේකර, එම්.එස් තව්ෆීක් සහ ෆයිසාල් කාසිම් ඇතුළු පිරිසක්ද සහභාගී වුණා.

POPULAR

Recent articles