“අන්තර්කාලීන ආණ්ඩුවක් ගැන කිසිදු සංවාදයක් ඇති වුණේ නෑ” – වාසුදේව නානායක්කාර

අන්තර්කාලීන ආණ්ඩුවක් පිළිබඳව කිසිදු සංවාදයක් ජනාධිපතිවරයා සමඟ ඇති නොවූ බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ආණ්ඩුවේ ස්වාධීන වූ බව කියන මන්ත්‍රීවරුන් 41 දෙනා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ ඊයේ (10) රාත්‍රියේ ජනාධිපති මන්දිරයේදී පැවැති සාකච්ඡාවෙන් අනතුරුවයි. ඔහු කියන්නේ සාකච්ඡාව අවසන් එකඟතාවයකින් තොර සාකච්ඡාවක් වූ බවයි.එහෙත් යලි හමුවීමට එකඟව සාකච්ඡාව අවසන් වූ බව වාසුදේව මන්ත්‍රීවරයා පවසනවා.

එහෙත් ඊට පෙර ඊයේ (10) පස්වරුවේ ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිළිබඳව පක්ෂ 11 ලබාදුන් යෝජනාවලිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම කණ්ඩායමට ජනාධිපතිවරයා ආරාධනා කර ඇති බවයි. එමෙන්ම හිටපු ජනාධිඅපති, පොහොට්ටුවේ මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේනද කියා සිටියේ තම කණ්ඩායම ජනාධිපතිවරයා හමුවන්නේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිළිබඳව තමන් දුන් යෝජනා ක්‍රියාත්මක කිරීමට බවයි.

POPULAR

Recent articles