ආණ්ඩුවේ සෙසු පක්ෂ වෙතින් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට යෝජනාවලියක්

ඩොලර් හිඟයත් සමග රට තුළ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආණ්ඩුවේ සෙසු පක්ෂ විසින් සකස් කරන ලද යෝජනාවලියක් බව කියන කරුණු 10 කින් යුත් ලියවිල්ලක් ලබන 02 වැනිදා කොළඹ දී එළි දැක්වෙන බව කියනවා.

ආණ්ඩුවේ සෙසු පක්ෂ දහයක නායකයන්ගේ සහභාගීත්වයෙන් මාදිවල මොනාක් ඉම්පීරියල් හෝටලයේ පැවැත්වෙන උත්සවයකදී යි මෙම යෝජනාවලිය එළි දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, අපේ ජන බල පක්ෂය ඇතුළු ආණ්ඩුවේ සෙසු පක්ෂ දහයක් එක්ව මෙම යෝජනාවලිය සකස් කර තිබෙන බව කියනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, එහි හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර, ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, අසංක නවරත්න, අතුරලියේ රතන හිමි මෙම යෝජනා ජනතාවට ඉදිරිපත් කරන මාදිවල මොනාක් ඉම්පීරියල් හෝටලයේ උත්සව අවස්ථාවට එක්වන බවයි කියන්නේ.

POPULAR

Recent articles