දෙව්දත්ගේ සංඝ කල්ලිය – මංගලගෙන් උත්තර

දෙව්දත්ගේ සංඝ කල්ලිය – මංගලගෙන් උත්තර

පසුගියදා තමා වෙනුවෙන් පැවති සීඅයිඩී පරීක්ෂණයෙන් පසුව, තමා විසින් මාධ්‍ය වෙත කළ ප්‍රකාශයකදී සංඝ කල්ලිය යන වචනය යොදාගැනීමෙ හේතුවෙන්, යම් යම් කතාබස් ඇති වී තිබෙන බව එක්සත් ජාතික පක්ශයේ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා .

බෞද්ධ දර්ශනයට අභියෝග කළ සංඝ කල්ලි බුදුන්ගේ කාලයේ පටන්ම සිටි බවත් එවකට සිටි දේවදත්ත වැනි අය භික්ෂූන් වහන්සේලා එකතු කරගනිමින් බුදුන්ට එරෙහිව අජාසත් න්‍යායයන් ක්‍රියාත්මක කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මෙවැනි සංඝ කල්ලි බොහොමයක්, බුදු දහම රැකගැනීමේ අවශ්‍යතාවය මත සසුනින් නෙරපා දැමීමද එකළ රජවරුන් විසින් සිදු කළ අතර මුදල් හා සුඛෝපභෝගී ජීවිත වෙනුවෙන් යළිත් එවැනි අජාසත්තවරුන් නූතනයේ බිහි වී තිබෙන බවද ඔහු පවසනවා .

21 ක් වෙනි ශතවර්ෂයට ගැලපෙන එකම දහම බුදු දහම බැවින් එය බේරාගැනීම සැබෑ බෞද්ධයින් හා සැබෑ ස්වාමීන්වහන්සේලාගේ වගකීමක් බවයි හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

https://twitter.com/A5Sri

POPULAR

Recent articles