විශ්‍රාම වයස අඩු කිරීමේ චක්‍රලේඛය

රාජ්‍ය අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට රජය ගෙන ඇති තීරණය බලාත්මක කිරීමේ චක්‍රලේඛය අද (14) නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පැවසුවා.

2022 අතුරු අයවැය යෝජනාවලට අනුව චක්‍රලේඛය නිකුත් කෙරේ.

අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ පැවසුවේ, ඒ අනුව රාජ්‍ය අංශයේ සේවකයින්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 60 දක්වා පහළ යනු ඇති බවයි. කෙසේ වෙතත්, ඇතැම් අත්‍යාවශ්‍ය සේවා කාණ්ඩ සඳහා එම රෙගුලාසිය අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරා.

POPULAR

Recent articles