රාමඤ්ඤ මහා නිකායෙන් සජිත් ප්‍රේමදාස වෙත ගෞරව නාමයක්

සමාජ සංස්කෘතික සහ ආගමික වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඉටු කරන බව කියන අනවරත මෙහෙවර පිළිබඳව විශේෂයෙන් ප්‍රසාදයට පත්ව එකී මෙහෙවර ඇගයීම පිණිස ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මගින් ගෞරව නාමයක් පිරිනමනු ලැබ තිබුණා.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක, මකුලෑවේ විමලාභිධාන හිමි ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩමවා වදාල අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු කථානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියා.

“අප ජීවත්වන ලෝකය මොන යම් බලවත් තනතුරු නම්බුනාම ලැබුණත් ඒ සියල්ලන්ටම වඩා මහා සංඝ රත්නයෙන් ලැබෙන උපහාර ගෞරව නාම ලක්ෂ ගනින්න අපට වටිනවා. එහි පවත්නා බලවත් ආශිර්වාදයෙන් දිග පළල මට හොඳින් දැනෙනවා. මාගේ ආදරණීය පියාණන් වන දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් මට බහ තෝරන අවධියේ කියා තිබෙන්නේ කවමදාකවත් තුනුරුවන්ට එරෙහි වන්නට එපා කියයි. මේ වැදගත් අවවාදය එදා දවසෙත් අද දවසෙත් මගේ ඉතිරි ජීවිත කාලය තුළත් එය පසක් කරන්නට ප්‍රායෝගිකවම මම කැපවනවා.

කුඩා කළ සිට දහම් අධ්‍යාපනය ලබමින් ඒ ආශ්‍රිතව මම කටයුතු කළා. ඒ ඇසුරෙන් සෙසු ජාතීන්ට සෙසු ආගම් වලට සෙසු සංස්කෘතියන්ට සැලකිය යුත්තේ කෙසේද යන්න මම මැනවින් දන්නවා. මාගේ රාජ්‍යයක් යටතේ මෙරට සම්බුදු සසුනෙහි මෙන්ම ලෝක සම්බුදු සසුන වෙනුවෙන් කළ හැකි සෑම කැප කිරීමක්ම කරන බව මම පොරොන්දු වෙනවා.

බුද්ධ ශාසනය වෙනුවෙන් පැමිණෙන්නා වූ ඕනෑම අධාර්මික බලවේග පරාජය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවටත් මහා සංඝරත්නය ඉදිරියේ ප්‍රතිඥා දෙනවා”යැයි විපක්ෂනායකවරයා එහිදී පවසා තිබුණා.

POPULAR

Recent articles