ගෙවන්න සල්ලි නෑ, නැව් 03ක් මුහුදේ

මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් ඉන්ධන නෞකා තුනක් මේ වනවිට කොළඹ වරාය ආසන්නයේ නැංගුරම්ලා තිබෙනවා.

මෙරටට ළඟා වූ බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවක් පසුගිය 23 වනදා සිට නැංගුරම්ලා ඇත්තේ කොළඹ වරාය පිටතයි.

තවත් ඩීසල් නෞකා දෙකක් ද කොළඹ වරායේ මේ වනවිට දින ගණනාවක සිට නැංගුරම් ලා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරනවා.

ඒවායේ අඩංගු ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 76 000 කි.

මෙම නෞකා සම්බන්ධයෙන් මුදල් ගෙවීම පිළිබඳව අප විෂයභාර අමාත්‍යංශයෙන් විමසීමක් කළ අතර එහි නිලධාරියෙකු පැවසුවේ කඩිනමින් ඒ සඳහා මුදල් ගෙවීමට පියවර ගන්නා බවයි.

POPULAR

Recent articles