රිශී කපුර් දිවිසැරියෙන් සමුගනියි !

රිශී කපුර් දිවිසැරියෙන් සමුගනියි !

බොලිවුඩය බැබළවූ තරුවක්, අද සදහටම ඒ අහසෙන් බැස ගියා. ඔහු රිෂී කපූර්. පිළිකා රෝගී තත්වය හේතුවෙන් ඔහු තම දිවියෙන් සමුගන්නා විට 67 වන වියේ පසුවුණා.

1952 දී තරු පවුලක උපත ලැබූ රිෂී කපූර් තම තරු ගුණය මුලින්ම විදහා පාන්නේ 1970 දී ඔහුගේ පියා රාජ් කපූර් අධ්‍යක්ෂණය කළ මේරා නාම් ජෝකර් චිත්‍රපටයෙහි රඟපාමින්. ඒ සඳහා ඔහු හොඳම ළමා කලාකරුවා ලෙස ජාතික චිත්‍රපට සම්මානය හිමිකරගත්තා.
1973 දී බොබී චිත්‍රපටයෙහි ඩිම්පල් කපාඩියා සමඟ පළමු වැඩිහිටි චරිතය රඟපෑ ඔහු ඒ සඳහා හොඳම නළුවා ලෙස ෆිල්ම්ෆෙයා සම්මානයටද හිමිකම් කීවා. චාන්ද්නී, දීවානා, නාගීනා, ලයිලා මජ්නු, ප්‍රේම් ග්‍රාන්ත්, සාගර්, දාමිණී ආදී ලෙස චිත්‍රපට 92ක ප්‍රේමාන්විතයාගේ චරිතය රඟපෑ ඔහු හින්දි සිනමාවේ ලස්සන කොල්ලා ලෙස සුවහසක් කෙල්ලන්ගේ හිත් තුළ සදාතනික සිහින කුමරා බවට පත්වුණා. තම ප්‍රතිභාපූර්ණ රංගනය ඔස්සේ ප්‍රේක්ෂකයන් වසඟයට පත් කළ රිෂී කපූර් එදා මෙදා තුර බොලිවුඩයට එක්කළ වටිනාකම අතිමහත්!

POPULAR

Recent articles