ජාතික රෝහලේ අධි සත්කාර ඒකකයේ ඇඳන් සියල්ල පිරීයයි

කොළඹ ජාතික රෝහලේ අධි සත්කාර ඒකක (High Care Unit – HCU) දෙකේම ඇඳන් සියල්ලම මේ වන විට කොවිඩ් ආසාදිත රෝගීන්ගෙන් පිරීගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඇන්තනී මෙන්ඩිස් පවසා තිබෙනවා. එම අධි සත්කාර ඒකක දෙකේ මීට සතියකට පමණ පෙර ඉතාමත් සුළු රෝගීන් සංඛ්‍යාවක් සිටි බව කී විශේෂඥ වෛද්‍ය ඇන්තනී මෙන්ඩිස් රටපුරා කොවිඩ් රෝගීන් ජාතික රෝහලට ඇතුළත් වන නිසා මෙය රැල්ලක් බවට පත්ව ඇති බවයි සඳහන් කළේ.

කොවිඩ් ආසාදිතයන් සමාජය තුළ වැඩිවෙත්ම ඉන් පිරිසක් දැඩි සත්කාර ඒකකවලට (ICU) වෙත යොමු කරන බවත් ආසාදිතයන් වැඩිවීමත් සමඟ ICU මෙන්ම HCU ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රතිශතය ද ඉහළ යන බවයි විශේෂඥ වෛද්‍යවරයාගේ අදහස වන්නේ.

වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩිවෙමින් තියෙන බව කී විශේෂඥ වෛද්‍ය ඇන්තනී මෙන්ඩිස් එය පාලනය කිරීමට එකම මාර්ගය එන්නත්කරණය බවයි පවසන්නේ.

POPULAR

Recent articles