“සෞභාග්‍ය දැක්මෙන් දුන් පොරොන්දු ඉදිරියේ දී ඉටු කරනවා”- කෘෂිකර්ම ඇමති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිව්වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලද නවලපිටිය ආසනයේ කාන්තා බල මණ්ඩල සමුළුව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්නා නාවලපිටිය පොදුජන පෙරමුණ රැස්වීම ශාලා පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණා.

මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ පසුගිය කාල සීමාවේ දී කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ගමට පැමිණ තමන්ගේ දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කිරීමට නොහැකි වූ බවයි.

2023 වන විට නාවලපිටියෙ ආසනයේ සෑම නිවසකටම සඳහාම පානීය ජලය ලබාදීම තම අරමුණ බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

තම රජය අවුරුදු පහක් සඳහා රට භාර ගත්තද කොවිඩ් 19 වසංගතය සඳහා අවුරුදු දෙකක කාලයක් කැප කිරීමට සිදු වූ බව ද කෙසේ වුවද සෞභාග්‍යය දැක්ම යටතේ දුන් පොරොන්දු ඉදිරියේ දී අනිවාර්යෙන්ම ඉටුකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත් අලුත්ගමගේ සඳහන් කර සිටිනවා.

කොවිඩ් 19 වසංගතය හමුවේ ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය විසින් ගෙනගිය වැඩපිලිවෙල මෙන්ම මෙවර අයවැය යෝජනා හරහා රටත්, රටේ ජනතාවගේ ආර්ථිකයත් ගොඩනැංවීම සිදුවන ආකාරය පිළිබඳව මෙහිදී පැමිණ සිටි නියෝජිතයින් හමුවේ අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

POPULAR

Recent articles