රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ඉවත් වෙයි

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධුරය දැරූ මොහාන් සමරනායක සිය ධුරයෙන් ඉවත් වී තිබෙනවා. ඒ වෙනුවට මාධ්‍යවේදී දිනිත් චින්තක කරුණාරත්න මහතා ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙස අද (08) වැඩ භාර ගැනීමට නියමිත බවයි කියන්නේ.

ලංකාදීප පුවත්පතේ කර්තෘ මණ්ඩල සභිකයෙකු වන දිනිත් චින්තක කරුණාරත්න රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

දිනිත් චින්තක කරුණාරත්න මහතා මීට පෙරද ජනාධිපතිවරයාගේ මාධ්‍ය උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ අයෙක්. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වූ විට නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති සමාගමක සභාපතිවරයා ලෙසද ඔහු පත් කිරීමට මීට පෙර නිර්දේශ කර තිබුණා.

POPULAR

Recent articles