පොලිස් නිලධාරීන්ට පාපැදි ලබා දීමට ආණ්ඩුවේ අවධානය

පොලිස් නිලධාරීන් සඳහා පාපැදි ලබා දීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙන බව වාර්තා වෙනවා. ඒ සඳහා පාපැදි 4,000ක් ලබාදීම කෙරෙහි දැනටමත් කටයුතු කෙරෙන බවයි කියන්නේ.

පවතින ඉන්ධන අර්බුදයත් සමඟ පොලිස් රාජකාරි සඳහා බාධා ඇතිව තිබෙන නිසා ඊට පිළියමක් ලෙසයි මෙලෙස පාපැදි ලබාදීමට සැලසුම් කර ඇත්තේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ ඇතැම් විමර්ශන කටයුතුවලට සහ ක්ෂේත්‍ර රාජකාරිවලට ඉන්ධන අර්බුදයෙන් බාධා මතුව ඇති බවයි. එම තත්ත්වයන් අවම කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත්ව ඇතැයි ඔවුන් සඳහන් කරනවා.

මේ වනවිට වෙළද පොළෙහි පාපැදියක් අලෙවි වෙන්නේ රු.75,000ක සිට රු.95,000ක් අතර මිලකට යි.

POPULAR

Recent articles