”ගෝඨාභය ජනාධිපතිතුමාගේ ඉල්ලා අස්වීම පිළිගන්න බෑ” – සාගර කාරියවසම්

රාජපක්ෂවරුන්ගේ ශක්තිය සමඟ පොහොට්ටුව ඉදිරියට යන බව එහි ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසනවා. රාජපක්ෂවරුන්ගේ දේශපාලනය තවදුරටත් රටට අවශ්‍ය ද නැද්ද යන්න ජනතාව තීරණය කළ යුතු බවයි ඔහු කියන්නේ.

රාජපක්ෂවරු සෑම අවස්ථාවකම බලයට පැමිණියේ ජනතාවගේ ඡන්දයෙන් බවත් එම නිසා ඉදිරියටත් රාජපක්ෂලා ජනතාව ඉදිරියට යන බවත් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පවසනවා. ඔහු කියන්නේ ප්‍රතිපත්තිමය දේශපාලනයක් නොමැති විපක්ෂයට සහ සන්ධාන අටවන කණ්ඩායම්වලට ඇත්තේ රාජපක්ෂ භීතිකාවක් පමණක් බවයි. 69 ලක්ෂයක් බලයට පත් කළ ජනාධිපති ලක්ෂයක් පමණ විරෝධතාකරුවන් නිසා ඉල්ලා අස්වීම පිළිනොගන්නා බවයි ඔහු කියන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීම පිළිබඳව විපක්ෂයේ ආර්ථික විශේෂඥයින් සහ සන්ධාන අටවන කණ්ඩායම් එදා සහ අද දෙබිඩි ප්‍රකාශ කරන බව ද නීතිඥ සාගර කාරියවසම් පවසනවා.

ඔහුට අනුව පොහොට්ටුව සැමවිටම ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරන දේශපාලන පක්ෂයක්.

POPULAR

Recent articles