බ්‍රිතාන්‍යයෙන් යුක්රේනයට ඩො. මිලියන 400ක යුද ආධාර

යුක්රේනයට ඩොලර් මිලියන 400 කට ආසන්න යුද ආධාර ලබා දීමට බ්‍රිතාන්‍ය තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මේ බව ප්‍රකාශ කර ඇති බවයි.

යුක්‍රේනයට අඛණ්ඩ ආරක්ෂාවට සහය වීම සඳහා බ්‍රිතාන්‍ය මෙම පියවර ගෙන තිබෙනවා.

යුද ආධාර පැකේජයට ඉලෙක්ට්‍රොනික යුධ උපකරණ ඇතුළත් වනවා.

තව ද රේඩාර් පද්ධතියක් ඇතුළු යුද උපකරණ දහස් ගණනක් එම යුද ආධාර යටතේ යුක්‍රේනයට ලබා දෙනු ඇති.

යුක්රේන රජයෙන් කළ ඉල්ලීමකට අනුව, නැගෙනහිර යුක්රේනයේ සිවිල් වැසියන් ඉවත් කිරීමට අවශ්‍ය වාහන විශාල සංඛ්‍යාවක් ද බ්‍රිතාන්‍යයෙන් යවා තිබෙනවා.

මේ අතර යුක්‍රේනයේ කියෙව්හි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ද නැවත විවෘත කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

POPULAR

Recent articles