” ඉක්මණින් අපව මව්බිමට ගෙන්වාගන්න ” කුවේට් හි ශ්‍රී ලාංකිකයෝ ඉල්ලති

” ඉක්මණින් අපව මව්බිමට ගෙන්වාගන්න ”
~ කුවේට් හි ශ්‍රී ලාංකිකයෝ ඉල්ලති

ලංකාවේ සිට කුවේට් රාජ්‍ය වෙත රැකියා සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් දැඩි අනාරක්ෂිත තත්ත්වයක සිටින බව දක්වමින් වීඩියෝවක් අප වෙත යොමුකර තිබුණි. රාජතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වී විසඳිය යුතු තානාපති ක්‍රියාමාර්ග, ශ්‍රී ලංකා රජය විසින් නොගෙන ඇති බවයි ඔවුන් පවසා සිටින්නේ. ඉන්දියානුවන්, පකිස්ථානුවන් ඇතුළු තවත් ආසියාතිකයින් පිරිසක් සමඟ සිරවී සිටින මේ මිනිසුන්ගේ කතාව විදෙස්ගතව සිටින බොහෝ මිනිසුන්ගේ කතාවන්හි මේ මොහොතේ යථාර්තයයි. නමුත් ‘රට විරුවන්’ ලෙස විටෙක උත්කර්ෂයට නැංවූ මේ මිනිසුන් වෙනුවෙන් මැදිහත්වීමේ සම්පුර්ණ වගකීම රජය විසින් වහ වහා ඉටුකළ යුතුය.

POPULAR

Recent articles