”රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන ඕනෑම ආණ්ඩුවකට විරුද්ධයි” – වාසුදේව නානායක්කාර

පරස්පර තීරණ අනුව ක්‍රියා කරමින් සර්ව පාක්ෂික ආණ්ඩුවකට කතාබස් කිරීම කිසිම අර්ථයක් නැති බව ද හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.
මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමේ තීරණයට ද තමන් ඇතුළු කණ්ඩායම තදින් ම විරුද්ධ බවත් ඔහු සඳහන් කරනවා. එසේ ම රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන ඕනෑ ම ආණ්ඩුවකට තමා විරුද්ධ බව යි හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර අවධාරණය කරන්නේ.

කෙසේ වෙතත් පක්ෂ ගණනාවක සහභාගිත්වයෙන් නිර්මාණය වන සර්වපාක්ෂික ආණ්ඩුවේ තීරණ, පොදු එකඟතාවක් කෙරෙහි පවත්වා ගැනීමට සුදුසු පුද්ගලයා ජනාධිපතිවරයා බවයි හිටපු අමාත්‍යවරයා පවසන්නේ. ඒ සම්බන්ධයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවට එකතු වීම පිළිබඳ තවදුරටත් සකච්ඡා පවත්වන බව වාසුදේව නානායක්කාර පවසනවා.

POPULAR

Recent articles