අන්තරේ හා ජාතික ජනබලවේගයේ නායකයින් හමුවෙයි

අද (05) පෙරවරුවේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් ජාතික ජනබලවේගය සමග සාකච්ඡාවකට එක් වී තිබෙනවා.

ජවිපෙ මූලස්ථානයේ පැවති මෙම හමුව සදහා ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රීණී ආචාර්ය හරිනි අමරසුරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සමග සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රීය යන අය සහභාගී වී තිබෙනවා.

මෙම හමුවේ දී අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන් ගුණතිලක යන අය නිදහස් කරගැනීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා වූ බවයි කියන්නේ.

ඒ අතර ක්‍රියාත්මක කෙරමින් පවතින මර්දනය පරාජය කිරීමත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමත් පිළිබඳව දෙපාර්ශවයේම අවධානය යොමු වූ බවයි කියන්නේ.

POPULAR

Recent articles