බැසිල් රාජපක්ෂගේ ඉන්දියානු සංචාරය කල් යයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සුදානම්ව සිටි ඉන්දියාවේ සංචාරය මේ මස අග දක්වා කල් ගොස් තිබෙනවා.

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් සමඟ අද (08) පැවති දුරකතන සංවාදයකින් පසු මෙම තීරණයට එළඹ ඇති බවටයි වාර්තා වන්නේ.

හැකි සෑම අවස්ථාවකදීම ඉන්දියාව, ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බවට මෙහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහතික වී ඇතැයි කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

මීට පෙරද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ සංචාරයක නිරත වුණා. ආහාර සහ ඖෂධ වෙනුවෙන් ඉන්දියාව විසින් අමෙරිකානු ඩොලර් බිලියනයක ණයක් ලබාදීමට තීරණය කළේ එහිදී යි.

POPULAR

Recent articles