”මහින්ද රාජපක්ෂ වෙනුවෙන් රුපියල් 4ක්වත් වියදම් කරේ නෑ” – ජනපති

හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ආණ්ඩුව මිලියන 400ක් තියා රුපියල් 4ක් වත් වියදම් කර නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් කරමින් අද (31) පැවසුවා. අතුරු අය වැය පිළිබඳ විවාදය පැවැත්වෙමින් තිබියදී හදිසියේ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණි ජනාධිපතිවරයා මෙම ප්‍රකාශ සිදු කිරීම විශේෂයක්.

“මා පැහැදිලි කිරීමක් කළ යුතුයි. හිටපු ජනාධිපති වෙනුවෙන් ආණ්ඩුව මිලියන 400ක් තියා රුපියල් 4ක් වත් වියදම් කර නැහැ. ඒත් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් හා ඒ අයගේ වැන්දඹුවන් වෙනුවෙන් ගෙවල් දී ඒ අය බලාගන්න රජයට යුතු කමක් තිබෙනවා” යනුවෙන් ද ජනාධිපතිවරයා සඳහන් කළා.

POPULAR

Recent articles