රුසියානු ගුවන් යානයට පැනවූ වාරණය අත්හිටුවයි

රුසියානු ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය අත්හිටුවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියම කර තිබෙනවා.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසම් පිළිබඳව කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග විසින් මෙම නියෝගය නිකුත් කළා.

අදාළ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාම වළක්වාලමින් පසුගිය 02 වනදා වාරණ නියෝගයක් නිකුත් කර තිබුණා.

අයර්ලන්තයේ පිහිටි සෙලෙස්ටියල් ඒවියේෂයන් ට්‍රේඩින් ලිමිටඩ් සමාගම විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව වගඋත්තරකාර රුසියානු සමාගම වෙත ලබන 16 වන දින තෙක් බල පැවැත්වෙන තෙක් එම වාරණ නියෝගය නිකුත් කරනු ලැබුවා.

කෙසේවුවද අදාළ වාරණ නියෝගය හරහා රාජ්‍යයන් දෙක අතර මතුව ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් නීතිපතිවරයා මෝසමක් මාර්ගයෙන් අද අධිකරණය හමුවේ මෙලෙස කරුණු ඉදිරිපත් කිරීමට තීරණය කර තිබුණා.

POPULAR

Recent articles