බේකරි හිමියන් බංකොලොත් : 2000 කට වඩා වහලා

රටේ පවතින ආර්ථික අර්බුධයේ ප්‍රථිපලයක් ලෙස දිවයින පුරා බේකරි 2,000කට අධික සංඛ්‍යාවක් වැසීගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

මේ වනවිට වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 350 දක්වා ඉහළ ගොස් තිබේ.

මීට පෙර තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් අලෙවි වූයේ රුපියල් රුපියල් 84ක් වැනි මිලකටයි.

තොග වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑම් 50 ක් මේ වනවිට රුපියල් 17,000 ඉක්මවා අලෙවි කෙරෙන බවද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පෙන්වාදෙයි.

එමෙන්ම රජය හා අදාළ බලධාරීන් බේකරි හිමියන්ට අවශ්‍ය සහය ලබා දෙන්නේ නම් පාන් රාත්තලක මිල රුපියල් 50/= කින් හා අනෙකුත් බේකරි නිෂ්පාදන මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කර ජනතාවට සහනයක් ලබා දීමට හැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මීට පෙර පවසා තිබිණි.

බේකරි නිෂ්පාදනය සදහා අවශ්‍ය වන ප්‍රධාන අමුද්‍රව්‍ය වු පිටි, සීනි, මාගරින් හා බිත්තර මිල විශාල වශයෙන් අඩු වී ඇති නිසා එම වාසිය බේකරි හිමියන්ට ලබා දෙන්නේ නම් පාන් මිල අඩු කළ හැකි බවයි.

ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් වෙළඳපොළ තුළ බේකරි නිශ්පාදන අමුද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව පැවසූ සභාපතිවරයා පාන්පිටි මාෆියාවක්ද රට තුළ ක්‍රියාත්මක බව සදහන් කලහ.

රුපියල් 200 කට ලබා දිය හැකි පාන්පිටි සදහා මාෆියාව හේතුවෙන් රුපියල්280 කට බේකරි හිමියන්ට ලබා ගැනීමට සිදුව ඇතැයි ද සදහන් කළේය.

POPULAR

Recent articles