ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් පත්‍ර භාරගැනීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීමට ලබාදී තිබූ කාල සීමාව දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ලබන 07 වනදා දක්වා එම කාල සීමාව දීර්ඝ කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන පවසා සිටියේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීම ලබන 05 ආරම්භ වීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

POPULAR

Recent articles