ජාත්‍යන්තර හෙද දිනය අද (12) යි

ලෝක හෙද දිනය අද (12) ට යෙදී තිබෙනවා.

1899 වසරේදී පිහිටවූ ජාත්‍යන්තර හෙද කවුන්සිලය ගත් තීරණයකට අනුව ලෝකයට හෙදකම දායාද කළ ෆොරන්ස් නයිටින්ගේල් හට ගෞරවය පුද කිරීමක් ලෙස මැයි 12 වැනිදා ලෝක හෙද දිනය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

විධිමත් හෙද සේවාවක් ආරම්භ වීමත් සමග 1939 වසරේ සිට ශ්‍රී ලංකාව ද, ජාත්‍යන්තර හෙද දිනය සමරනවා.

මෙවර හෙද දිනයේ තේමාව වන්නේ හෙදියකගේ ශ්‍රමදායකත්වය ඉහළ නැංවීම හා වෘත්තීය අයිතීන්ට ගරු කිරීම තුළින් ගෝලීය සෞඛ්‍ය සුරක්ෂිත කිරීමෙහි ලා හෙදියගේ නායකත්වයේ හඬ අවදි කරමු යන්නයි.

POPULAR

Recent articles